ඉන්දියාවෙන් තවත් කොවිඩ් එන්නත් තොගයක් මේ මස අවසානයේදී මෙරටට .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් -19 එන්නතේ තවත් එන්නත් තොගයක් අප්‍රේල් මස අවසන් සතියේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී

ඒ හේතුවෙන් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ කිසිඳු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත  සඳහන් කළේය.

එසේම රුසියාවේ ස්පුට්නික් එන්නතද ඉදිරි සති කිහිපය තුල මෙරටට ලැබෙනු ඇති බව ඒ මහතා පැවසීය

.මේ අතර ඊයේ (03) දිනය තුළ තවත් පුද්ගලයින් 4,201 දෙනෙකුට මෙම කොවිඩ් එන්නත ලබා දී තිබේ.

ඒ අනුව මේ දක්වා එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් ගණන 923,954ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.