ඉන්දියාව නිපදවා ඇති ‘කොවිඩ්-19’ වැළැක්වීමේ එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇත.
මේ අනුව හර්යානා, බටහිර බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම එම සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තාවේ
ඉන්දියාව තුළ ‘කොවිඩ්-19’ එන්නතක් සිදුවන විශාලතම සායනික අත්හදා බැලීම ද මෙය වන අතර .ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන භාරත් බයෝටෙක් සමාගම මෙම එන්නත අත්හදා බලයි .
ඉන්දියාව මෙම ‘කොවිඩ්-19’ එන්නත ‘කොවැක්සින්’ යනුවෙන් නම් කර ඇත. පර්යේෂණ මධ්‍යස්ථාන 22 දී එන්නත අත්හදා බැලෙන අතර ඊට 26,000කට අධික පිරිසක් ස්වේඡාවෙන් ඉදිරිපත් ව සිටිති.