ඉන්දියාවෙන් ඇවිත් මෙහේ pre-shoot කරන්න ගිය කපල් දෙකක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

සංචාරයක් සඳහා මෙරටට ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණි සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඩ්‍රෝන් කැමරාවක් මගින් අනවසරයෙන් රූගත කිරීමක් කරමින් සිටියදී මිරිහාන පොලීසියට ලද තොරතුරු මතය.

අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් පවසා ඇත්තේ ඉදිරියේදී ඔවුන් විවාහවීමට සිටින බැවින් pre-shoot මෙරට තුළ පටිගත කිරීම කරමින් සිටි බවයි.

එහෙත් ඩ්‍රෝන් කැමරාව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ආගමන විගමන දැනුම් දීම්, ලියවිලි හෝ කිසිවක් ඔවුන් නීත්‍යානුකූලව සපුරා නොතිබීම නිසා ඔවුන් සිව්දෙනා සහ ඩ්‍රෝන් යානය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.