පැතුම් වික්‍රමරත්න
ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙන් තවත් මාත්‍රා ලක්ෂ 25ක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව මෙරට කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටී .
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම එන්නත් ඇණවුම් කර ඇති බවය.
එම එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර ඇති බවයි.
මෙම ඇණවුම් දිවයිනට ලැබීමත් සමග වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයට එන්නත්කරණයට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය..
ඒ අනුව ඊයේ දිනය අවසන් වනවිට මෙරට එන්නත්කරණය කළ සමස්ත සංඛ්‍යාව 37,825 කි.
අදත් රෝහල් 100දී එන්නත් ලබාදීම සිදු කිරීමට නියමිතය .