ඉන්දියාවෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 9ක් ගෙන්වයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර ඇති බව වාර්තාවේ .

. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල මහතා මාධ්‍ය වෙත  වෙත කියා සිටියේ, මේ වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලදී ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒ සදහා කටයුතු සම්පාදනය වූ පසු එම එන්නත් මාත්‍රා දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය .

. කොරෝනා මර්දන එන්න්ත් දිවයිනට ගෙන්වීම නිසි ක්‍රමවේදයකට සිදු කරන බවද ඔහු පැවසීය .