රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ මෙරටට ලැබෙනු ඇති බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අන්දහන් කර සිටී .
ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් මෙම එන්නත් තොගය ලැබෙනු ඇති බවත් ඇනවුම් කල ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී
කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට ලැබී අවසන්ය .