ඉන්දියාවේ කොවිඩ් එන්නත , මෙරට තත්ත්ව පරික්‍ෂාවට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය රජයේ ප‍්‍රදානයක් ලෙස ශී‍්‍ර ලංකාවට හිමි වීමට නියමිත කොරෝනා මර්දන එන්නතේ සාම්පල මේ වන විට මෙරට තත්ත්ව පරීක්ෂාවන් සදහා යොමු කර ඇති බව .සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී

ඇස්ට‍්‍රා සෙනේකා නැමති මෙම එන්නතේ  සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත ලැබී තිබුණේ ඊයේ දිනයේ වන අතර ඒ අනුව මෙම කොරෝනා මර්දන එන්නතේ සංකූලතා සහ එම එන්නතින් අතුරු ආබාධ ඇති විය හැකිද නැද්ද යන්න මූලික පරීක්ෂණ,එම  අධිකාරිය විසින් සිදු කෙරෙණු ඇත.

අදාල සාම්පල පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර එහි ප‍්‍රගතිය පිළිබදව ඉදිරියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට නියමිතය.

සතියක් තුළ මෙම එන්නත් සාම්පල් පරීක්ෂාව සිදු කර අවසන් කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ ..

එම පරීක්ෂණ වාර්තාවල ප‍්‍රතිඵල අනුව ඇස්ට‍්‍රා සෙනේකා නැමති ඉන්දියාවේ නිෂ්පාදිත මෙම කොරෝනා මර්දන එන්නත ශී‍්‍ර ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවද අමාත්‍යාංශය සඳහන් කර සිටී  .