ඉන්දියාවේ දිල්ලියට  ඇඳිරි නීතිය 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉන්දියාව තුළ කොරෝනා අලුත් රැල්ල ආරම්භ වීමත් සමඟ ඊයේ (06) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා දිල්ලි නුවරට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර ඇත .
එම ඇඳිරිනීතිය පැනවෙන්නේ රාත්‍රී 10.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළය
ඒ අනුව අද රාත්‍රියේ සිට එම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් සඳහන් කර ඇත.
ඇඳිරිනීතිය පැනවුවද එන්නත්කරණය අඛණ්ඩව සිදුවන හෙයින් එම එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අන්තර්ජාලය හරහා අවසර පත්‍රයක් ලබා දීමටද කටයුතු කර ඇත.
එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සපයන අයටද අවසර පත්‍ර ලබා දිමටයි ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙ
පසුගිය පැය 24 තුළදී ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ තුන්දහස් හත්සිය ඉක්මවා තිබෙන අතර ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 12.6 ඉක්මවා ගොස් තිබේ.