පැතුම් වික්‍රමරත්න
ඉන්දීයාවේ කොරෝනා රෝගීන් අතර පැතිර යන කළු දිලීර රෝගයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ එකම මුව ආවරණය පැළඳ සිටීම හා නිසි අයුරින් වාතාශ්‍රය නොලැබෙන රෝහල් කාමරවල රැදී සිටීම බවට ඉන්දීය සෞඛ්‍ය අංශ විශ්වාසය පළකර සිටී
ඒ අනුව සෑම දින 3 කට වරක් ඔබේ මුව ආවරණ වෙනස් කරන ලෙසද එරට වෛද්‍යවරුන් ඉන්දීය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත
කළු දිලීර රෝගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ පුද්ගලයින් එකම මුව ආවරණය දින ගණන් මාරු නොකට පැළඳීම ඇතුළු දුර්වල සනිපාරක්ෂක ක්‍රියාකාරකම් නිසා කොවිඩ් ආසාදනය වූ සහ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ටද කළු දිලීර රෝගය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.
ඉන්දියාවේ දෛනිකව කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගීන් 2-3 දෙනෙකු වාර්තා වන බවත් දෛනිකව එම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි එරට වෛද්‍ය විශේෂඥයින් පවසයි