ඉන්දියාවේ 100 වෙනි ‘දම්රෝ’ ප්‍රදර්ශනාගාරය විවෘත කරයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි සමාගමක් වන දම්රෝ, මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳපොළ තුළ ද ක්‍රමයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින් සිටී.

මෙහි තවත් මංසළකුණක් සනිටුහන් කරමින් දම්රෝ සියවෙනි ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ කොල්කටා හිදී විවෘත කරනු ලැබීය. මෙය කොල්කටා නුවර දී විවෘත කරන ලද හත්වෙනි දම්රෝ ප්‍රදර්ශනාගාරය වේ.

මේ හා සමගාමීව චෙන්නායි හි 8 වෙනි ප්‍රදර්ශනාගාරය, හයිද්‍රාබාද් හි 5 වෙනි ප්‍රදර්ශනාගාරය හා ලක්නව් හි ප්‍රදර්ශනාගාරය ද විවෘත වී තිබේ.

දම්රෝ පවසන්නේ 2022 වසර තුළ දී ඉන්දියාව තුළ තවත් ප්‍රදර්ශනාගාර 50 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.