පැතුම් වික්‍රමරත්න
ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනක ප්‍රමාණයක් වසා දමන ලෙස එරට වෛද්‍ය විශේෂඥයින් රජයට දැනුම් දී ඇත
කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇති සෑම දිස්ත්‍රික්කයක්ම මෙසේ වසා දැමිය යුතු බව එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය අවධාරණය කර ඇත .
මේ වනවිට එරට දිස්ත්‍රික්ක 540 ක පමණ මෙසේ කොරෝනා රෝගීන් හමුවීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇත .
ඒ අනුව එලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන සියලු දිස්ත්‍රික්ක වහාම අගුලු දැමීමකට ලක් කළ යුතු බව ඉන්දීය වෛද්‍ය සංගම් රාශියක්ද මේ වනවොට අවධාරණය කර ඇත
දිස්ත්‍රික්ක එලෙස වසා දමනවා නම් ඒ සති 06 කට හෝ 08 ක කාලසීමාවකට යටත්ව සිදුකළ යුතු බවත් ඔවුන් පෙන්වාදේ
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය සමස්ථ ඉන්දියාවම වසා දැමීම මේවනතුරු ප්‍රතික්ෂේප කර තිබෙ
කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව අගුළු දමනවාද නැතහොත් සංචරණ සීමා පනවාද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල ප්‍රාන්ත රජයන්ට පැවරීමටය මෝදි රජය මේ වනවිට පියවර ගෙන ඇත