ඉන්දියාව කොරෝනා එන්නත් දෙකක් අනුමත කරයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව තුල හදිසි  භාවිතය සඳහා කොරෝනා එන්නත් දෙකක්,  ඖෂධ නියාමන අධිකාරිය විසින්අනුමත කර ඇති බව වාර්තාවේ .

ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය එලෙස අනුමත කර තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනා ගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ ඔවුන්ගේ දේශීය නිෂ්පාදනයක් වන භාරත් භයෝ ටෙක් එන්නතයි

මෙම වසරේදී එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවට මිලියන 300ක් එකතුවනු ඇති බව ඉන්දිය බලධාරීන් සඳහන් කර ඇත

බිලියන 1.3ක පමණ ජනගනහනයකින් යුත් ඉන්දියාවේ රට පුරා එන්නත් ලබා දීම සඳහා ඊයේ දින සෞඛ්‍ය සේවකයින් 90,000ක් පමණ සහභාගීත්වයෙන් පෙරහුරුවක් පවත්වා ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත .