ඉන්දියාව පුරා කුරුළු උණ වසංගතයක්ද පැතිරයයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව තුල මේ වනවිට  දරුණු  කුරුළු උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත

රාජස්ථානය, මධ්‍ය ප්‍රදේශ්, කේරළය සහ හිමාචල් යන ප්‍රාන්ත වලින් මෙලෙස කුරුළු උණ රෝගී තත්ත්වයන් වාර්තා වී ඇති අතර , ඇතිවී තිබෙන මෙම බරපතල  තත්ත්වය සම්බන්ධයෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ පශුසම්පත් අමාත්‍ය ලාල්චන්ද් කතාරිය විසින් හදිසි රැස්වීමක් ද කැඳවා අදාළ බලධාරීන් සමග සාකච්ජා කොට තිබේ .

මේ අනුව කුරුල්ලන් මියගොස් සිට හමුවූ ප්‍රදේශවල කිලෝමීටරයක් විෂ්කම්බයක් සහිත ප්‍රදේශවල නිවෙස්වල ඇතිකරනු ලබන කුකුලන්, තාරාවුන් ඇතුළු සියලු ගෘහආශ්‍රිත පක්ෂීන් මරා දැමීමට තීරණය කර ඇත.

හිමාචල් ප්‍රදේශයේ, කන්ගරා දිස්ත්‍රික්කයේ පිහිටි Pong Dam නම් වැව ආශ්‍රිතව මියගොස් සිටි සංක්‍රමණික කුරුල්ලන් 1800ක ගේ පමණ සිරුරූ හමුව ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ මගින් එම පක්ෂීන්ට කුරුළු උණ ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ අතර රාජස්ථාන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල ආකාශයේ පියාසර කරමින් සිටින පක්ෂින් එක්වර මැරී බිම වැටෙන අයුරු නිරීක්ෂණය වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කුරුළු උණ පක්ෂියෙකු ගෙන් තවත් පක්ෂියෙකුට මෙන්ම සත්වයින්ට සහ මිනිසුන්ට පවා ආසාදනය විය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කරඈත .

ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් ඉන්දියාව පුරා පිහිටි සියලුම ජාතික වනෝද්‍යාන, වන සත්ව උද්‍යාන ඇතුළු වනාන්තර ආශ්‍රිත සේවය කරනු ලබන වනජීවී නිලධාරීන්ට ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සතුන් ආශ්‍රිත ඇතිවන රෝග පිලිබඳ සොයා බලන ජාතික ආයතනය විසින් උපදෙස් නිකුත් කර ඇත..