හිමාල ප්‍රදේශයේ චීන ඉන්දියා දේශ සීමාවේ ගැටුම හේතුනෙන් දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්
තම රට ඉතාමත් සුපරික්ෂාකාරිව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර
වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.
චීනය සහ ඉන්දියාව අතර හිමාල ප්‍රදේශයේ දේශ සීමාවේදී ඇතිවූ ගැටුමින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය ගිය අතර
දැඩි සීතල නිසාවෙන් තුවාල ලැබූ සෙබළුන්ගේ ප්‍රමාණය ඉහළගොස් තිබෙනවා.