කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නිල වශයෙන්ම ඉල්ලීමක් කල බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා පවසයි.
ඒ පිළිබඳව තමා ඉන්දීය රජය වෙත දැනුම් දෙන බවද ජෙයශංකර් මහතා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය ..
පශ්චාත් කොවිඩ් සාමය තුල ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව තම රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
කොරෝනා සාමය තුල වුවද දෙරට අතර සබඳතා කිසිදු අයුරකින් දුරස් නොවුණු බවත් එම සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු පැවසීය .
එසේම ද්‍රවිඩ ජනතාවගේ ගැටළු හා අපේක්‍ෂා පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානය යොමු කිරීම වැදගත් වන බවත් ,එක්සත් ශ්‍රී ලංකාවක් තුල එම ගැටලුවලට පිළිතුරු ලබාදීම කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් ඔහු පැවසීය
13 න් වන ව්‍යවස්ථා සංශෝධනයේවැදගත් කම පිළිබඳවද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය .