ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඩ්‍රෝන යාන යොදවන බවට ඉන්දීය නාවික හමුදාව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය ප්‍රමාණයට මැදිහත්ව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටී .
ඉන්දීය නාවික හමුදාව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුන ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .
මේ හරහා මෙරට ආරක්‍ෂාවට තර්ජනයක් එල්ලවී නැති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
මෙවැනි භූ දේශපාලනය හා සම්බන්ධ කලාපීය ගැටලු ඉතිහාසයේ සිට තිබී ඇති බවත් ඒවාට නිසි රාජ්‍යතාන්ත්‍රීය ආකාරයට මුහුණදීම ඉතා වැදගත් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය .