ඉන්දීය විදෙස් ලේකම් , අද ජනපති , අගමැති හමුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත .

අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය. ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අතර ද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙ.

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය ..