ඉන්දුනීසියාවේ Bandae මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එහෙත් සුනාමි අනතුරු ඇඟවීමක් තවමත් නිකුත් කර නොමැති අතර එරට බලධාරීන් පවසන්නේ ප්‍රබල සුනාමි අවදානමක් නොමැති බවයි.
අද පෙරවරු 8.30ට පමණ සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.3ක් ලෙසයි.
මෙය පැය කිහිපයක් තුළ ඉන්දුනීසියාවට බලපෑ දෙවන ප්‍රබල භූ කම්පනයයි.
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 240ක් ගැඹුරින් භූ කම්පනය සිදුව ඇත.
අද පෙරවරුවේ පැය දෙක තුනක පමණ සිට භූ චලන 8ක් පමණ සිදුව ඇත.