ඉන්දු චීන දේශ සීමා අර්බුද උත්සන්න වීමට, චීනය ඍජු ලෙස වගකිව යුතු බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටී.
කෙසේ වෙතත් .ඉන්දු – චීන අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට තමා සූදානම් බවද ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් පැවසීය.
දෙරටේම නායකයන් සමග සාකච්ජා කරමින්, දෙරට අතර අර්බුද සමනය කිරීමට සහය වීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවද මෙම මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් සඳහන් කළේය
මේ අතර හිමාල දේශසීමාවේදී ඉන්දීය සහ චීන සෙබළුන් අතර හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්මවූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව , ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකු වන විශ්‍රාමික ජෙනරාල් වී.කේ.සිං එරට මාධ්‍ය වෙත පවසා ඇත.