ඉන්දු-චීන දේශසීමාවේ ගැටුමක්

Picture of අසංක

අසංක

ඉන්දු – චීන දේශ සීමා අසලදී දෙපාර්ශවයේ හමුදා සාමාජිකයින් අතර ඇතිවූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය හමුදාවේ කර්නල්වරයෙක් සහ සෙබළුන් දෙදෙනෙක් බවයි ඉන්දීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත

දේශ සීමා මුර සංචාරයේ නිරත , ඉන්දු චීන හමුදා සාමාජිකයින් විසින් මෙම ගැටුම ඇති කර ගෙන ඇති බවත් ඊට ගිනි අවි හෝ වෙනත් යුධ ආයුධ යොදා ගෙන නොමැති බවත් වාර්තාවේ..

හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිව තිබෙන බවද මේ වනවිට තහවුරු වී ඇත.

පසුගිය සති කිහිපය පුරාවට එම ප්‍රදේශය ආශ්‍රිතව දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබිණ .

ඉන්දීය හමුදා නිලධාරින් අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී අයුරින් දේශ සීමාවෙන් ඇතුල්වී චීන ජාතිකයින්ට පහර දීමේ සිදුවීම් වාර්තා වූ බවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Zaho Lijian ප්‍රකාශ කර ඇත.

රාජතාන්ත්‍රික වශයෙන් ගැටළුව විසඳා ගැනීමට දෙපාර්ශවයම පියවර ගනිමින් සිටින බවද චීන විදෙස් අමාත්‍යවරයා සඳහන් කර ඇත .