ඉන්ධන මිලදී ගන්න , ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් මිට සුළු මොහොතකට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් අනුමත කරනු ලැබූ බව වාර්තාවේ .

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මාධ්‍ය වෙත ඒ බව පැවසීය .

මෙම ණය මුදල සඳහා වන ගිවිසුම ඉදිරි දිනවලදී අත්සන් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාවට මාසික ඉන්ධන සැපයුම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වේ.