ඉන්ධන මිල අඩුකිරීම ගැන තීරණයක් ගෙන නෑ – රජය

Picture of අසංක

අසංක

ඉන්ධන මිල අඩුකිරීම සම්භන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය ප්‍රකාශ කර සිටී.

වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයිද ,එම අලාභය ආවරණය වන තුරු ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට දිය නොහැකි බව ද කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


තෙල් මිල අඩුවීම තුළින් එම අලාභය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එය ආවරණය වූ පසු මිල අඩුවීමේ පූර්ණ ලාභය ජනතාවට ලබාදෙන බව ද අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත කියා සිටියේය.