අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමේ.
විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව,
පෙට්‍රල් 92 ලීටරයක් රු.60 කින්
පෙට්‍රල් 95 ලීටරයක් රු.135 කින්
ඔටෝ ඩීසල් ලීටරයක් රු.80 කින්
සුපර් ඩීසල් ලීටරයක් රු.45 කින්
භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කර තිබේ.
ඒ අනුව ඉන්ධනවල නව මිල වන්නේ,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 340 ක්ද
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 375 ක්ද
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල 325 ක්ද
සුපර් ඩීසල් ලීටරයක මිල 465 ක් ද
භූමිතෙල් ලීටරයක මිල 295 ක් ද වේ.
සිපෙට්කෝ ඉන්ධන මිල අඩුකිරීමට සමගාමීව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල ද අඩු කිරීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.