ජපානයේ සිටින ශ්‍රී ලාංකික තරුණයකු පසුගිය වසර පුරා වංචනික ලෙස ඉන්ධන ලබාගත් චෝදනා මත එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉබරාකි ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකි.
වෙනත් අයකුට අයත් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරමින් මොහු ඉන්ධන ලීටර් 3500ක් යෙන් 40000කට මිලට ගෙන ඇත.
අලුයම පැමිණ විශාල ලෙස ඉන්ධන පුරවා ගෙන යාම සම්බන්ධයෙන් සැක කළ ඉන්ධනහල් කිහිපයක සේවකයන් මේ පිළිබඳ විමසිල්ලෙන් සිට ඇත.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසර පුරා මෙලෙසම යෙන් මිලියන 4.2ක් ඉන්ධන ලීටර් 37500ක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.