ඉල්ලූ මන්ත්‍රීකමත් එපා කියූ විමලතිස්ස හිමියෝ රතන හිමිගේ නම කොමිසමට දෙති

Picture of අසංක

අසංක

අපේ ජනබල පක්ෂය ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයා තමන් ලෙස නම් කරමින් එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිසමට යොමු කර තිබූ ලිපිය ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ.

එහිමියන් විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් කොමිසම වෙත මේ බව දන්වා ඇතැයිද වාර්තාවේ.

ඒ අනුව අපේ ජන බල පක්‍සයේ මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම යෝජනා කර ඇත.

නමුත් විමලතිස්ස හිමියන්ගේ මෙම ලිපිවල වලංගුතාවය ගැන නීතිමය ගැටලු මතු වී ඇති බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.