ඊයේ කොරෝනා මරණ 26ක් – මාස තුනක බිලිඳියක්ද ඒ අතර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වී ඇත . ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කර සිටී . කෙසේවෙතත් එම පිරිසෙන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් එක් ලක්‍ෂ 5,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙ.

තවදුරටත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118කි

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා විය . ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබේ .ඒ අනුව  දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේය .

එලෙස මියගිය පිරිස අතර වත්තේගම ප්‍රදේශයේ මාස තුනක් වයසැති බිළිදියෙකුද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය . මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම බිළිදිය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම හේතුවෙනි . ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරට පිරිමි පුද්ගලයින් 14 ක් සහ කාන්තාවන් 11 දෙනෙකු අයත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර ඇත .