ඊයේ නැග්ග තෙල් මිල නිසා අද බස් ටිකට්ටුවේ සිට බත් පැකට්ටුවට ගණන් ඉස්සුණු හැටි

Picture of අසංක

අසංක

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම නිසා අද දිනයේ භාණ්ඩ හා සේවා ගණනාවක් මිල ඉහළ දැමූ බවට වාර්තා කර ඇත.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ලංගම හා පෞද්ගලික බස් ගාස්තු 35%කින් ඉහළ දමා ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 27 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රු.30 කින් ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් වැඩි කර ඇත.

බත් පාර්සලයක සහ කොත්තුවක මිල 20% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කළේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු පහත දැක්වේ.

සාමාන්‍ය සේවා

සුඛෝපභෝගී සේවා

අර්ධ සුඛෝපභෝගී සේවා