ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ දිනය තුල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පලතීනුවන් අවම වශයෙන් 119 ක් වත් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .. ඉන් හතරෙන් එකක්ම ළමුන් බවද වාර්තා වේ .
මීට අමතරව 830 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවද වාර්තාවේ
ඊශ්‍රායල ෂෙල් වෙඩි ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමා අසල පදිංචි පලස්තීන පවුල් රැසක් උතුරු ගාසා තීරයේ පිහිටි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසල් වෙත පැමිණ රැකවරණය ලබාගෙන ඇත
මෙම ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊට සූදානම් බවක් නොපෙන්වන බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත .