පැතුම් වික්‍රමරත්න
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහය නියමිත පරිදි ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .
ශ්‍රී ලංකා රජය කල විමසීමකදී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත .
ඒ අනුව කිසිදු ගැටලුවකින් හෝ ප්‍රමාදයකින් තොරව මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහන ඉදිරියර ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ඊයේ (09) පැවසීය.