ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී රැගෙන ඒමට නියමිත කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාමලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇති බව ඇති බව ය.
එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළද කළාපය තුළ සේවක සේවිකාවන් 130,000 කට අධික පිරිසකට ද කොවිඩ් එන්නත ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කෙරේ.
සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා ඊයේ (03) සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.