දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කෙරේ.
හදිසියේම සිසුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා මෙම පීඨ වසා දැමිණි.
ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ, කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු ආරම්භ වනු ඇත.
ලබන 23 හෝ 24 යන දිනවල පස්වරු 4.00 ට පෙර සිසුන් නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය දැනුම් දෙයි.