උණුසුම මැයි මාසයෙත්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දීවයිනේ දිස්ත්‍රික්ක රැසකට කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හෙතුවෙන් පවුල් 75416 ක පුද්ගලයින් 321,127 දෙනෙකු පීඩාවට පත්ව ඇත

මේ කාලගුණික තත්වය හේතුවෙන් වනාන්තර ගිනිගැනීම් 50 ක් වාර්තාවී ඇති බවද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මේ අනුව වියළි කාලගුණය පවතින ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා බවුසර් 207 ක් යොදා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මෙම උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.