උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව   ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී .

 

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා සිටින බවද එම සංගමය සඳහන් කර ඇත .මහජනතාවට නුසුදුසු ආහාර අලෙවිකරණ වෙළඳසල් පිළිබඳව පොදු මහා ජනතාවටද තම නිලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කල හැකි බවද එම සංගමය සඳහන් කර ඇත