උත්සව සමයේදී ‘කොවිඩ්’ රෝග පැතිරීමට තුඩු දෙන ලෙස ජනතාව හැසිරුණොත් ,සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) පැවසීය.
වර්තමාන ‘කොවිඩ්’ මාර්ගෝපදේශණ මාලාව මීට පෙර පැවැති එකට වඩා ලිහිල් එකක් බව කී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා උත්සව සමයේ පොදුවේ කුඩා දරුවාගෙන් සිට සෑම පුද්ගලයෙක්ම සාමාජික සහ අධ්‍යාත්මික වශයෙන් උත්සව සමයත් සමඟ බැඳුණු අවශ්‍යතා ඉටුකරගැනීමේ අවස්ථාව ලබාදී එසේ මාර්ගෝපදේශණ ලිහිල් කර පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.
රටේ බහුතර ජනතාව මාර්ගෝපදේශණ පිළිබඳව සළකිලිමත්ව කටයුතු කළ ද යම් ප්‍රමාණයක් සෞඛ්‍ය නීති පිළිනොපැදීම බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවදානයෙන් සිට බරපතල වීමට ඉඩ නොතබන බවත් කීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ‘කොවිඩ්’ පිළිබඳව අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා එසේ පැවසීය.