අබුඩාබිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.