උසස්පෙළ විශිෂ්ටයන් ලොව පිළිගත් සරසවිවලට යවන්න පනතක් කෙටුම්පත් කෙරේ

Picture of අසංක

අසංක

අපොස් උසස් පෙළ විභාගයෙන් වැඩිම සුදුසුකම් ලබන සිසුන්ට ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට අවශ්‍ය එස්ඊඊ අරමුදල හෙවත් ‘අධ්‍යාපනික විශිෂ්ටත්වය සඳහා ශිෂ්‍ය අරමුදල’ පිහිටුවීමේ පනත් කෙටුම්පතක් සැකසීමට රජය සැරසෙයි.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මංගල සමරවීම මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2019 අයවැය යෝජනාවකට අනුව මෙම අරමුදල පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත කළ යුතුවේ.

මෙම අරමුදල යටතේ භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණික, කලා, වාණිජ යන විෂයයන්වල ඉහළම සුදුසුකම් ලබන සිසුන්ට මෙම අරමුදල යටතේ ශිෂ්‍යත්ව හිමිවේ.

එම ශිෂ්‍යත්ව මගින් ලොව ඉහළ පෙළෙ විශ්ව විද්‍යාල වන හාවඩ්, ඔක්ස්ෆර්ඩ්, එම්අයිටී,කේම්බ්‍රිජ් ආදී විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවකාශය ලැබේ.