.මේ වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර ඇත .විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බවය..
පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී ඇත
ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.