ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර ඇත
57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නම් අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇති අතර මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ වෛද්‍යවරු පවසති.
බෙනට් මහතාගේ ජීවිතය බේරා ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස පැවතියේ මෙම හදවත් බද්ධය බව වෛද්‍යවරු පවසති.