එකම දිනක රටම පුපුරුවන්න හිටපු අන්තවාදීන්ගේ සැලසුම අඩපණ වූ හැටි ‌හෙළිවෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර, මරාගෙන මැරෙන ‌බෝම්බකරුවන් ‌වීමට සූදානමින් සිටි සහරාන් කාසිම්ගේ අනුගාමිකයන් අතර වූ මත ගැටුමක් ‌හේතුවෙන් ‌දෙකට ‌බෙදීම නිසා ඒම දිනයේ සිදුවීමට තිබූ ප්‍රහාර ගණනාවක් වැළකී ඇතැයි විමර්ශකයන්ට ‌හෙළිවී තිබේ.

මෙම මතගැටුම හටගෙන ඇත්තේ ප්‍රහාරය සිදුවූ දිනට සති ‌දෙකකට පමණ ‌පෙර ය.

මේ නිසා මරාගෙන මැරෙන ප්‍රහාරයකට යාමට සූදානම්ව ‌නොසිටි සහරාන් කාසිම්ට ද ප්‍රහාර සදහා යාමට සිදුවූ බවට අනාවරණය වී ඇත.

මත ගැටුමෙන් පසුව සහරාන්ට ඒරෙහිව නැගී සිටි පිරිසක් ‌ෙවෙනම නායකයකු පත්කරගෙන ‌වෙනත් ඉස්ලාම් පල්ලියකට යාම නිසා සැලසුම ‌ෙවෙනස් වී තිබේ.

ගම්පොළ පාවහන් අලෙවිසලක දී අත්අඩංගුවට ගත් අයියා මලෝ ‌ෙදෙදෙනා ද සහරාන්ට ඒරෙහි කල්ලියේ සිට ඇත.

පෙර සැලසුම් කර තිබී ඇත්තේ රට පුරාම ඒකම දිනකදී ප්‍රහාර රැසක් සිදුකිරීමටයි.

මතගැටුම ‌‌ෙහේතුවෙන් ප්‍රහාරය සදහා අනෙක් කල්ලිය සහභාගි වී නැත.

ඒසේ ‌නොවන්නට ඒකම දිනකදී සිදුවූ හානිය ‌මෙන් තුන් හතර ගුණයක් පමණ බරපතළ හානියක් සිදුවීමට ඉඩකඩ තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.