එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ලැබිලා ළඟදිම ධීවරයන්ට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත.

ඒ අනුව හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන  බවද  අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇත .

එම වන්දි මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සදහන් කර සිටී.

ඊට අදාළ කටයුතු ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් සිදුවන බවද අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.