එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතැම් බහාලුම් වල ඇත්තේ මොනවාදැයි තවම දන්නේ නැහැ !

xpress pearl
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සමග මුහුදුබත් වී ඇති ඇතැම් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි මෙතෙක් හදුනාගැනීමට නොහැකි වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී

මුහුද යට ඇති බහාලුම්වල අඩංගු දේ පිලිබඳ සොයා බැලීම සඳහා මෙතෙක් මෙහෙයුම් දියත්ව නැති බවත් , දැනට ඉන්දියාවෙන් පැමිණ සිටින කණ්ඩායමද බහාලුම් ඇති ස්ථාන ගැන සොයා බලනවා විනා ඒවායේ අන්තර්ගතව ඇත්තේ කුමක්ද යන්න සොයා නොබලන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහදපුර මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

කෙසේ වෙතත් ස්කෑනර් යන්ත්‍ර මගින් එම බහාලුම් වල අංක ලබාගැනීමට හැකියාව ලැබුනහොත් මේ පිළිබඳව යම් අදහසක් ලබාගත හැකි බවද ඇය මෙහිදී පැවසුවාය .

මුහුදු පතුලේ මෙම නෞකාව මගින් යමක් තැන්පත්ව ඇත්නම් ඒවා ඉවත්කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවත් , පවතින “වාරකන්” තත්වය නිසා එම කටයුතු මදක් ප්‍රමාදවී ඇති බවත් ඇය මෙහිදී සඳහන් කලාය