එජාපයේ ආසන ගැන බලන්න රූකාන්තට පත්වීමක්

Picture of අසංක

අසංක

ආසන 6ක් සදහා එක්සත්ජාතික පක්ෂය විසින් නව ආසන සංවිධායකවරුන් පත්කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්වීම් ප‍්‍රදානය කෙරුණි.

දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස රූකාන්ත ගුණතිලක මහතා පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

අරණායක ආසන සංවිධායකවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ලලිත් දිසානායක මහතා පත්කෙරුණු අතර මහනුවරල පාතදුම්බර වෙත තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාය පත්වීම් ලබාගත්හ.

වාරියපොළ නව ආසන සංවිධායකවරයා ලෙස මංජුල බණ්ඩාර මහතා හා උදය විජේනායක මහතා හිරියාල නව ආසන සංවිධායකවරයා ලෙසත් පත්වීම් ලබාගෙන තිබුණි.