එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව පවත්වන රහස් ජන්දයකින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් එම පෙරමුණේ සුළු පක්ෂ අතර එකඟතාවයක් ඇතිවී ඇත.
මේ අනුව රහස් ජන්දයකින් අපේක්ෂකයා තෝරාගැනීම පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රස්වීමේදී එජාප නායකත්වයට යෝජනා කිරීමටද සුළු පක්ෂ සැලසුම් කර ඇත.