පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හෙට (16) දිනයේ දී නිශ්චිත විසදුමක් නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතු එළඹෙන සතියේ සිටම ආරම්භ කරන බව එජාපයේ සජිත් හිතවාදී පිල ප්‍රකාශ කර සිටී.
එම නව දේශපාලන සන්ධානය කඩිනමින් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් සීයයට 70ක් පමණ පිරිසක් මේ වනවිට කැමැත්ත පළකර ඇති බවද වාර්තාවේ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් , නව දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුද ගම්මට්ටමින් දියත් කරලීමටද සියලු කටයුතු සූදානම් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ.
එජාඔයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබුණහොත් , මෙම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන අතර ඊට සුළු පක්ෂ රැසක සහයද හිමිවනු ඇති බව වාර්තාවේ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.