එජාප මන්ත්‍රී ධුරය ගැන ලබන සතියේ බලාපොරොත්තුවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයට හිමි එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳ අවසන් තීන්දුව ලබන සතියේදී ගැනීමට නියමිත බව එම පක්ෂආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ සඳහා ප්‍රමුඛතා පිළිවෙළ අනුව ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර එම ලැයිස්තුව අනුව තෝරාගැනීම සිදුවන බවද වාර්තාවේ.

එහිදී ප්‍රමුඛතා ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වේ.

නමුත් ඔහු ධූරය ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් ලයිස්තුවේ දෙවෙනියට සිටින් හිටපු සංචාරක සංවර්ධන වන ජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට මෙම ධූරය ලැබීමට බොහෝ ඉඩකඩ ඇති අතර පක්ෂ නායකත්වයද මෙය අනුමත කර ඇති බව වාර්තාවේ.

එහෙත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කිහිප දෙනෙක් ඊට විරෝධය පළකර තිබෙන බවද වාර්තාවේ