හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිද සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහසම්මේලන වේදිකාවට අද කැඳවාගෙන ආ අගමැති, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීම සුවිශේෂ අවස්ථාවක් විය.
ඉදිරි ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කල අතර එය ස්වාමීනාදන් මහතා ස්ථිර කළේය.
අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි එක්සත් ජාතික පක්ෂයේ මහ සම්මේලනය පැවැත්විණ.