උමංග බණ්ඩාර
ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාවලිය ශ්‍රී ලංකාවට හිතකර ලෙස සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා යෝමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ගෙන ඒමට එකඟ වී නොමැති බවත් අධිකරණ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහාය පමණක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය. කිසිම අවස්ථාවක රණවිරුවන්ට එරෙහිව කටයුතු කිරිමට අවස්ථාව ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය