එන්නත්කරණ වැඩසටහන නවතා දමා නැහැ – සෞඛ්‍ය අධ්‍යක්‍ෂක

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත්කරන වැඩපිළිවෙල අත්හිටුවා නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටී ..

කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබුණු එන්නත් අවුරුදු 60ට වැඩි අය සඳහා ලබා දීම අඛණ්ඩව සිදුකරන බවද මාධ්‍ය වෙත අද ඔහු සඳහන් කර සිටියේය .

ඒ වෙනුවෙන් එන්නත් මාත්‍රා සංචිතයක් අමාත්‍යාංශය සතුව පවතින අතර මේ වන විටත් පළමු මාත්‍රාව ලබා ගෙන සිටින අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස මුල් සතියේදී ආරම්භ කිරීමට නියමිත බවත් හෙතෙම කියා සිටි.

ඒ සඳහා අවශ්‍ය එන්නත් අප්‍රේල් දෙවන සතිය වන විට දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අසේල ගුණවර්ධන මහතා පැවසීය .

කෙසේවෙතත් මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන මාර්තු 31 වනදා සිට තාවකාලිකව අත්හිටුවූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා තිබුණි.