උමංග බණ්ඩාර
මෙරටට පැමිණෙන ගුවන් යානා මගින් රැගෙන ආ හැකි ගුවන් මගීන් සංඛ්‍යාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් අදාළ එන්නත් මාත්‍රා ලබා දින 14 ක් ගතවී තිබේනම් සීමා කිරීමකින් තොරව ඔවුන් රැගෙන ඒමටයි ගුවන් සමාගම්වලට අවසර දී ඇත්තේ. එය ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, එවැනි මගීන් ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර මෙරටට රැගෙන ඒමට අවසර හිමිවනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ”ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී තිබෙනවා. එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන්ව ගුවන්යානයක එකවර ගෙන ආ හැකි වන්නේ 75 දෙනෙකු පමණයි. එවැනි මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතු වනවා.