එන්නත ගත්තේ නැත්නම් පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව ඇත .

පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියේය .

තමන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා එහිදී මෙසේද පැවසීය .

“ගිය සතියේ මං නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයි ද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා.

මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා.”